වැල්ලවායේ පිහි ඇණුමකින් දෙදෙනකුට බරපතළයි
05 January 2019
වැල්ලවායේ පිහි ඇණුමකින් දෙදෙනකුට බරපතළයි
05 January 2019
වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ තෙලුල්ල ජනපදය ගම්මානයේ දී පුද්ගලයන් දෙදෙනකුට පිහියකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමේන් මෙම ගැටුම ඇති වී ඇති අතර පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා තණමල්විල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් හම්බන්තොට මහ රෝහල දක්වා මාරු කර යවා ඇත. පහරදී සිදු කල සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරයි.
වැල්ලවාය -ජයන්ත වීරසේකර