ගොසිප්

වැය ශීර්ෂයට මොකද වුණේ

කලින් සතියේ බ්‍රහස්පතින්දා අයවැය ශීර්ෂය පැරදීමේ ශෝකයෙන් සහ ලැජ්ජාවෙන් මැඩෙමින් සිටි පාඨලී චම්පික ඇමතිවරයාට ඊට පහුවදා හැන්දෑවේ පාර්ලිමේන්තු සභා ගැබේ දොරටුව අසල දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුහුණට මුණගැසුණේ ය.
‘‘ ආ… වැය ශීර්ෂයට මොකද වුණේ…’’ මහින්ද පාඨලීගෙන් ඇසුවේය.

එවිට පාඨලී ‘‘කට්ටිය ආවේ නෑනේ විපක්ෂ නායකතුමා…’’ යැයි කියමින් ‘ලිස්සා ගියේ’ මහින්ද තවත් කිසිවක් විමසන්නට කලිනි. ඉක්මන් ගමනින් යන පාඨලී දෙස බලා සිටි මහින්ද තමන් අසල සිටි තවත් මන්ත්‍රීවරයෙකුට කීවේ ‘‘ආණ්ඩුවේ සපෝට් එක නොලැබුණු එකට මිනිහා ඉන්නෙ හිතේ අමාරුවෙන්…’’ කියාය.

කෙසේ වෙතත් ඒ ‘හිතේ අමාරුව’ යටපත් කරගනිමින්, ඉරිදා සවස ‘කොට්ටාව-මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය’ විවෘත්ත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් සිටි පාඨලී,ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන් අභියස මහින්ද රාජපක්ෂ නඩයට දොස් කියමින් සිංහනාද කළේ ය.