අතන මෙතන

වැඩි මිලට වත්ත මත් කරන්න ගිහින් පස්ස රත්වෙයි

වැඩි මිලට වත්ත මත් කරන්න ගිහින් පස්ස රත්වෙයි

බෝතල් 150 ගේද්දී අතරමගදී වෙච්ච හරිය

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ වතු කම්කරුවන්ට වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා මත්පැන් බෝතල් 150 රැගෙන යමින් සිටි සැකකරුවෙකු බගවන්තලාව පොලිසිය විසින් අද(18) දින අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

සැකකරු බගවන්තලාව කැම්පියන් නගරයේ විවෘත කර තිබු මත්පැන් අලෙවිසැලකින් මිලිලිටර් 175 රජයේ අනුමත මත්පැන් බොතල් 150 රැගෙන යමින් සිටියදි කැම්පියන් නගරයේ රාජකාරියේ නිරතව සිටි බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, සැකකරුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ – හැටන්