වැටුප් දීමනා අඩු කිරීමෙන් අධ්‍යක්ෂ ජනරාල් පුටු හිස්
09 February 2020
වැටුප් දීමනා අඩු කිරීමෙන් අධ්‍යක්ෂ ජනරාල් පුටු හිස්
09 February 2020
රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරු සඳහා පත්කර ඇතත් එහි සිටින අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කිරීම් කර නොමැති නිසා ඒවා පවත්වාගෙන යාමේ ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව වාර්තා වේ.
වත්මන් ආයතනවල සිටිය යුතු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගණන එම ආයතනයේ ව්‍යවස්ථාවේ සඳහන් වන අතර එහෙත් ඇතැම් ආයතනවලට සිටිය යුතු සාමාජිකයන්ගෙන් අඩකට වඩා පත්කර නොමැත.
තවත් ආයතන ගණනාවකම පත්කර සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මේ වනතුරුත් වැඩ භාර ගැනීම සඳහා නොපැමිණ ඇති බවද වාර්තා වේ.
සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුනට සහ අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන්ට ලබාදෙන දීමනා සහ වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත ආයතනවල තීන්දු තීරණ ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය රැස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සඳහන් වේ.
චමින්ද සේනාරත්න