brand logo
logo

වාහන ආනයනය ගැන දෙසැම්බරයේ තීරණයක්

26 September 2021

වහාන ගන්න ඉන්න හැමෝගෙම සිහනය සැබෑ වෙයි

නැවතත් වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් දෙසැම්බරයේදී තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ පිළිබඳව මෙන්ම වර්තමානයේ මෙරටට බලපා ඇති ආර්ථිකමය ගැටළු කිහිපයක් පිළිබඳව අදහස් පළ කළා. කිරිපිටි ආනයනය සඳහා ගැටළුවක් ලෙසින් බලපා ඇති රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගැනෙනවා. එමෙන්ම, ආනයනකරුවන්ද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේ. ඉන්ධන ආනයනයේදී මතු වී ඇති ගැටළු සඳහා මහ බැංකුව ඍජුවම මැදිහත් වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කළා. විදේශ විනිමය රැකගත යුතු මේ අවස්ථාවේ වාහන ආනයනය ගැටළුකාරී වන හෙයින් ඒ පිළිබඳව දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපතිවරයා කියාසිටියා. මේ අතර, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වන තුරු වාහන ආනයනය කිරීම සඳහා ඉඩ සැලසීමට අදහසක් නොමැති බවයි.
 

More News..