අතන මෙතන

වාහනේ ස්පෙයා වීල් එක ගලවන්න සතුන්ට වස දිලා මරලා

වැල්ලවාය පොලිස් වසමට අයත් දිඹුලාමුරය ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහනයක අතිරේක රෝදය ගැලවීම සදහා එම නිවසේ සිටි සුනඛයන් දෙදෙනාට වස මිශ්‍ර මස් ලබා දී මරා දමා ඇත.

එම මස් ආහාරයට ගැනිම නිසා නිවසේ සිටි බළලුන් තිදෙනකු අසල කැලෑවේ සිට දිනපතා නිවස වෙත ආහර ගැනිම සදහා පැමිනෙන වළිකුකුළන් දෙදෙනකු තලගොයෙක් සහ මොණරෙක්ද මියගොස් ඇත.

මෙම අවසානාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු විසින් වැල්ලවාය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.
වැල්ලවාය පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව වැල්ලවාය පොලිසිය පැවසීය.

ජයන්ත වීරසේකර