වාද විවාද මැද මහින්ද-මෛත්‍රී-ප්‍රසන්න හමුව
28 February 2020
වාද විවාද මැද මහින්ද-මෛත්‍රී-ප්‍රසන්න හමුව
28 February 2020
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාය.
එහි සභාපති ධුරයට පත්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.
හිටපු ජනාධිපති මෛත්‍රී සන්ධානයේ සභාපති ධුරයට පත්වීම පිළිබඳ වැඩිපුර විරෝධය පළ කරන්නේ ඇමැති ප්‍රසන්න රණතුංගය.
ඔහු මෛත්‍රීට පඹයා යැයි නොකියා කීවේය.
පොහොට්ටුව විනාශ කිරීමට එන කුම්භාණ්ඩයන්, පෙරේතයන් ගැනද ප්‍රසන්න කීවේ මෛත්‍රී, සන්ධානයේ සභාපති ධුරයට පත්වූ දිනට පසු දිනය.
මේ වාද විවාද අතර, මේ තිදෙනා ඊයේ (27 වැනිදා) මුණ ගැසුණේ ගම්පහ පහළ යාගොඩදීය.
පහළ යාගොඩ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාගේ උපන් ගමය.
එය ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ ඡන්ද බල ප්‍රදේශයෙන් එකකි.
මේ තිදෙනා එකට මුණ ගැසුණේ වෘත්තීය පුහුණු අධිකාරියේ නව පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවසථාවකදීය.
සිසිල ගුණතිලක