brand logo

ව්‍යාපාරික අරමුණෙන් ඔබ්බට ස්වාභාවික සම්පත් සුරැකීමට NDB අපි ඉදිරියට පැමිණියෙමු

06 February 2021

ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ ජෛව විවිධත්වයෙන් අනූන රාජ්‍යයක් ලෙසත්, විශේෂ ස්වාභාවික සම්පත් රැසක් පිරුණු සමෘද්ධිමත් රටක් ලෙසත් හඳුනාගෙන තිබේ. මෙහි මිලියන ගණනක විශේෂයන් සඳහා වාසස්ථාන සපයන අතර තිරසාර පරිසර පද්ධති සඳහා දායක වේ. මිනිසාගේ පැවැත්ම සඳහා, වායුගෝලීය සහ කාලගුණික තත්ත්වයන් සමතුලිත කිරීම ,පස සාරවත් කිරීම හා ආරක්ෂා කිරීම, සත්ත්ව පද්ධතීන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම, ජල උල්පත් ආරක්ෂා කිරීම මෙන්ම පෝෂණය කිරීම සහ තවත් ධනාත්මක කරණා රැසක් සඳහා වනාන්තර අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මීට වසර 200 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 90% ක් තරම් ඉහළ අගයක් තිබුණි.මෙම පුළුල් වනාන්තර ආවරණය 2019 වන විට 16.5% දක්වා විශාල ලෙස අඩු වී තිබේ. 1990 සිට 2000 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් වසරකට හෙක්ටයාර 26,800 ක වනාන්තර ප්‍රමාණයක් අහිමි විය. මෙය සාමාන්‍ය වාර්ෂික අගයක් ලෙස 1.14% කි. විනාශ වී ඇති වනාන්තර ආවරණය 40%ක් දක්වා නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මෑතක සිට ආරම්භ කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා සහභාගීවීමට ආයතන සහ ව්‍යාපාර සඳහා ආරාධනා කර ඇති අවස්ථාවක මෙම වටිනා ප්‍රයත්නය හා එක්ව හවුල්වීමට NDB අපට සඳහා අවස්ථාව ලබා දී ඇත.
 

More News..