brand logo

වසර 30කට පසු ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ඨ ජය

21 June 2022

කැනගරුවන් පරාජයට පත්කරමින් සිංහයන් යළි නැගිටී

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය 3ට 1ක් ලෙස හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවති තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණූ 4කින් ජයගැනීමට සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ එම ශතකයට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 10ක් ද ඇතුළත් වේ. චරිත් අසලංකට අමතරව ධනංජය සිල්වා අද ලකුණු 60ක් ලබාගත්තේය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 259 ක් රැස්කර ගත යුතුව තිබිණි. නමුත් ඕස්ට්‍රේලියානු පිලට නියමිත පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 254 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට සිව්වන තරගයේ ජය හිමිවිය. ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චාමික කරුණාරත්න, ධනංජය සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුළු 3 බැගින් ලබා ගැනීමට සමත් විය. අද තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 110ක් රැස්කර ගත් චරිත් අසංලක විසින් ජය ගනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින තරගාවලියක් මෙලෙස ජය ගනු ලැබුවේ වසර 30කට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින තරගාවලියක් මෙලෙස ජය ගනු ලැබුවේ වසර 30කට පසුවයි. ශ්‍රී ලංකා පිල අවසන් වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් තරගාවලියක් ජය ගනු ලබුවේ 1992 වසරේදි යි. එම තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගැනු ලැබුවේ තරග 2ට 1ක් ලෙසිනි. එවක ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරනු ලැබුවේ අර්ජුන රණතුංග විසිනි.
 

More News..