brand logo

වසරකට දික්කසාද නඩු එක්ලක්ෂ හතළිස්දහසක්

18 May 2021

වසරකට මෙරට ලියාපදිංචි කෙරෙන විවාහ සංඛ්‍යාවටම ආසන්න දික්කසාද නඩු ප්‍රමාණයක් අධිකරණ හමුවේ ගොනු කෙරෙන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. වසරකට මෙරට ලියාපදිංචි කෙරෙන විවාහ ප්‍රමාණය එක්ලක්ෂ හැටතුන් දහසක් (16300) පමණ වේ. වසරකට අධිකරණ හමුවේ ගොනු කෙරෙන දික්කසාද නඩු ප්‍රමාණය එක්ලක්ෂ හතළිස්දහසක් (140,000) පමණ වන බව පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු හා හිටපු රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ සඳහන් කළේය. වසරකට දික්කසාද නඩු එක්ලක්ෂ හතළිස්දහසක් පමණ සංඛ්‍යාවක් ගොනු කෙරුණද වසරකට තීන්දු ලැබෙන්නේ ඉන් නඩු දහයක පහළොවක පමණ සංඛ්‍යාවකට පමණක් බවද විතානාගේ මහතා සඳහන් කළේය. චාමර පල්ලේගෙදර
 

More News..