වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 17කට කොරෝනා
28 January 2021
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 17කට කොරෝනා
28 January 2021
වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රදවා සිටි සැකකරුවන් 17දෙනෙකුටම කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වවුනියාව සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කරයි.
ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 19දෙනෙකෙුගෙන් 17දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.
අධිකරණ නියෝග මත මෙලෙස රදවා සිටිනසැකකරුවන් 19දෙනාගෙන් කිලිනොචිච්ය පුනරීන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකුට පසුගිය 24 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඉන් අනතුරුව සෙසු සැකකරුවන් 18දෙනො ද පී.සී.ආර්. පරීක්ෂණයන්ට යොමු කර ඇත.
එහි ප්‍රතිඵල වලට අනුව තවත් 16දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ හේතුවෙන් වවුනියාව පොලිස් ත්‍රස්ථ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ද මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.
ඔවුන්ගේ ද පී.සී.ආර්. පරීක්ෂණ ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි වවුනියාව සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.