brand logo

වවුනියාවේ ගෙවත්තක තිබි අත්බෝම්බ 05ක් සොයාගනියි

12 June 2019

වවුනියාව,වේලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්අබෝම්බ පහක් ඊයේ(11) සවස සොයාගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ ගෙහිමියා ගෙවත්ත සකස් කරන අවස්ථාවක ගෙවත්ත සීමාවේ තිබි අදාළ අත්බෝම්බ දැක පොලිසිය දැනුවත් කොට ඇති බවයි. අනතුරුව පොලිසිය ගොස් අදාළ ස්ථානයේ තිබු අත්බෝම්බ ලබාගත් අතර, වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ බෝම්බ නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබාදුන් බවද පොලිසිය පැවසීය. පසුගිය යුධ සමයේ එල් ටි ටි සංවිධානය දමාගිය බෝම්බ ‍එලෙස හමුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරති. සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. මාධව කුලසූරිය
 

More News..