වලපනේ හා උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන
05 December 2019
වලපනේ හා උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන
05 December 2019
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.
එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ජනතාවට දැනුම් දුන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.
එමෙන්ම බණ්ඩාරවෙල සහ දියතලාව අතර ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා එල්ල වී ඇත.