අතන මෙතන

වයඹ කෝඩුකාරයන්ගේ මාධ්‍ය හමුවට පොහොට්ටුවේ ප්‍රබලයකුගෙන් දොස්

වයඹ මහ ඇමති පුටුවට  කවුද තරග කරන්නෙ කියන එක දැන් මග කලබගෑනියක් වෙලාලු. මහ ඇමති පුටුවෙ වාඩිවෙන්න හීන දකින ඩී.බී. හේරත් පළාත් සභා මන්ත්‍රීවරයා මේ ඊයෙ පෙරේදා මාධ්‍යවේදීන් ටිකක් ගෙන්නලා දුක් ගැනවිල්ලක් කිව්වලු. එතනදි කුලියාපිටියේ සමන්ප්‍රිය හේරත් පළාත් සභා මන්ත්‍රීවරයත් නායකත්වය විවේචනය කරමින් කතා කලාලු.  මේක ආරංචි වුණු පොහොට්ටුවේ ප්‍රබල නායකයෙක් අදාළ මන්ත්‍රීවරයට නොසෑහෙන්න දෙහි කැපුවලු.

‘‘තමුසෙලාට  තේරෙන්නේ නැත්නම් අමාරුවෙන් අපි ගොඩනගාගත්ත දේ විනාස කරන්නේ නැතුව ඉන්නවා. පළාත් සභාව මට දිනාගන්න ඕනේ. ඒකයි මට අවශ්‍ය අයව මම නම් කරේ. නිදහස් පක්ෂයේ ඉද්දිත් මාව අවුල් කරා. දැන් මෙතනත් අවුල් කරන්න එපා. තමුසෙලා හරියට කොඩුකාරයෝ වගේනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ.“