brand logo
logo

වනිඳු සහ දුෂ්මන්ත අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

15 September 2021

කෝලිගේ කණ්ඩායමට යන ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනා

මේ මස 19 වැනිදා ආරම්භ වීමට නියමිත අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස වෙනුවෙන් තෝරා ගැණුනු වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර අද (15 වැනිදා) එක්සත් අරාබි එමීර් බලා පිටත්වීමේ සූදානමින් සිටින බව වාර්තා වේ.

අදාළ ක්‍රීඩකයින් දෙදෙනාම විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

ලොව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි වනිඳු අංක 02 ස්ථානයේ රැඳී සිටින අතර දුෂ්මන්ත චමීර එම 20 වැනි ස්ථානයේ රැඳී සිටී. කෙසේ නමුත් ලබන මාසයේ 07 සහ 09 වැනිදා ඕමානය සමගින් පුහුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකාව සහභාගි වන බැවින් වනිඳුට සහ දුෂ්මන්තට අයි.පී.එල්. තරගාවලියේ අවසන් භාගයේ තරග කිහිපය අහිමි වනු ඇත. ඉකුත් මැයි මාසයේ ආරම්භ වූ අයි.පී.එල්. තරගාවලිය උද්ගත වෛරස තත්ත්වය හමුවේ අතරමැද නතර කිරීමට සිදු විය. ඒ අනුව එහි ඉතිරි කොටස මේ මස ක්‍රියාත්මක වනු ඇත.
 

More News..