brand logo

ලෝක සංඥා භාෂා දිනය වෙනුවෙන් මැලිබන් විකාශනය කළ මෙරට ප්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙඳ දැන්වීමට ඉහළ ප්‍රතිචාර

06 February 2021

ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සන්නාමයක් වන මැලිබන් තවත් පුරෝගාමී පියවරක් තබමින්, 2020 සැප්තැම්බර් 23 වන දින ලෝක සංඥා භාෂා දිනය නිමිත්තෙන් මෙරට ප්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙඳ දැන්වීම විකාශනය කරන්නට කටයුතු කළේය. ලෝක සංඥා භාෂා දිනය පිළිබඳව දැනුවත්බව ඇති කරවන අතරම සමාජයට මගහැරුණු මේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීම මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම නිර්මාණය කිරීමේ මූලික අරමුණු විය. ලෝක සංඥා භාෂා දිනයේදී විකාශනය ආරම්භ කෙරුණු මෙම සුවිශේෂී රූපවාහිනි දැන්වීම සීමිත කාලයක් සඳහා විකාශය විය. මිලියන 466කට අධික සංඛ්‍යාවක් වන ගෝලීය බිහිරි හා ගොළු ප්‍රජාව, ලොව සමස්ත ජනගහනයෙන් 5%ක් වන අතර ශ්‍රී ලංකාවේ එම ප්‍රජාව 389,000 ඉක්මවයි. සමාජයේ වැදගත් පුරවැසියන් පිරිසක් සහ එදිනෙදා පාරිභෝගිකයන් කොට්ඨාසයක් ඔවුන් වෙත ලැබිය යුතු අවධානය සහ පිළිගැනීම සැළකිය යුතු ලෙසින් අවම මට්ටමක පැවතීම මැලිබන් සමාගමේ අවධානයට බඳුන් විය. ලෝක සංඥා භාෂා දිනය මූලික කරගෙන මේ පිළිබඳව මහා සමාජයේ අවධානය යොමු කරවීමට මැලිබන් විසින් කටයුතු යොදනු ලැබූයේ එැබැවිනි.
 

More News..