Uncategorized

ලෝක මට්ටමේ උපාධි පිරිනැමීමට APIIT සහ ඩීකින් විශ්ව විද්‍යාලය අත්වැල් බැඳ ගනී

ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ආසියා පැසිෆික් ආයතනය (APIIT) නව හවුල්කාරීත්වයක් ඇති කර ගනු ලැබූ අතර ඒ ඔස්සේ උපාධි හැදෑරීම සඳහා APIIT Sri Lanka ආයතනයට ඇතුළත් වන සිසුන්ට සිය පළමු අධ්‍යයන වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයේ දී තොරතුරු තාක්ෂණ උපාධිය සහ වාණිජවේදී උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාව හිමි වන සුවිශේෂී මාවතක් විවෘත වේ.

මෙම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් APIIT Sri Lanka පරිගණක පාසලේ ප්‍රධානී ආචාර්ය ප්‍රියන්ත කුමාරවඩු මහතා සඳහන් කළේ , අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි විශිෂ්ටත්වයක් ඇති APIIT යනු ඉහළ ම තත්ත්වයේ උසස් අධ්‍යාපනයක් ලබා දෙන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක්. ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය සමග ඇති කරගත් සහයෝගිතාවය මෑතකදී APIIT විසින් ක්‍රියාවට නංවන ලද වඩාත් ආකර්ෂණීය අධ්‍යයන මාර්ග වැඩසටහනක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්., යනුවෙනි.

“ඔස්ට්‍රේලියාවේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට APIIT Sri Lanka හි පළමු වසරේ අධ්‍යයන කටයුතු නිම කිරීමෙන් පසු ඩීකින් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවේ දෙවන වසර සඳහා සෘජුවම ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකියි. මෙමඟින් ශ්‍රී ලංකා සිසුන්ට පශ්චාත් කෝවිඩ් -19 කාල පරිච්ඡේදය තුළ ආරක්ෂිතව කටයුතු කිරීමට ඉඩ සැලසෙන අතර බාධාවකින් තොරව සිය අධ්‍යයන කටයුතුවල නිරත වීමට ද අවකාශ උදාවේ.
පරිගණක අධ්‍යාපනයේ හොඳම ආරම්භක අධ්‍යාපනයක් ලබා දීමට අප සහතික වන අතර APIIT-Deakin හවුල් වැඩසටහන මඟින් ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු වීම පහසුවෙන් ඉටු කිරීම ද සිදු වේ. APIIT හි දී ලොව ඉහළම ශ්‍රේණියේ විශ්ව විද්‍යාල 1% වෙත ඇතුළු වීම සඳහා වන ඔබේ ගමන ආරම්භ කිරීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.,