brand logo

ලෝක පුජිත වේග පන්දු යවන්නාට හාර්ට් ඇටැක් එකක්

27 October 2020

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකූ මෙන්ම ලෝක කුසලාන තරඟ කිහිපයකදී සිය කණ්ඩායමට නායකත්වය දෙමින් ජයග්‍රහණ අත් කර ගත්තා වූ ලෝක පූජිත වේග පන්දු ප්‍රහාරකයෙකු වන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් හදිසියේ වැළඳුනු හෘදයාබාදයක් හේතුවෙන් පසුගිය 23 වනදා දිල්ලි රෝහලට ඇතුලත් කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට හදිසි හෘද සැත්කමක්ද කර ඇත. 61 හැවිරිදි කපිල් දේව් 1983 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විය. මැදපෙළ පිතිකරුවෙකු හා වේග පන්දු යවන්නෙකු වන කපිල් දේව් ටෙස්ට් තරගවලදී කඩුලු 434 ක් සහ එක්දින තරග 253 ක් ලබා ගෙන තිබේ. ඔහු ටෙස්ට් ලකුණු 5248 ක් සහ එක්දින ලකුණු 3783 ක් ලබා ගෙන තිබේ.
 

More News..