brand logo
logo

ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට

10 January 2019

කුඩා ප්‍රමාණයේ ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකුව සැකපිට හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 09 වැනිදා රාත්‍රීයේ හලාවත - වට්ටක්කල්ලිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් අය අතර යාපනය සහ හලාවත පදිංචිකරුවන් සිටින බව පොලීසිය කියයි.ඔවුන් වයස අවුරුදු 20 - 40 සීමාවේ පසුවන අයවළුන් වේ. සැකකරුවන් සතුව තිබී කසිප්පු බෝතලයක් සහ මාවා නම් වූ මත් පුවක් පැකට් 01 ක්ද පොලිස් බාරයට ගෙන ඇත. තමන් ධීවර කටයුතු සදහා යන බව ඇතැම් අය පවසා ඇති අතර,තවත් අය පවසා ඇත්තේ ඉස්සන් ගොවිපලක සේවය සදහා යමින් සිටින බවයි.ඒ අනුව සැකකරුවන්ගේ පරස්පර ප්‍රකාශ නිසා ඔවුන්ව සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
 

More News..