brand logo
logo

ලෙබනනය යළි ගොඩනැඟීමට ජාත්‍යන්තරයෙන් ආධාර

10 August 2020

බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සඳහා යුරෝ මිලියන 250 කට අධික මුදලක් හදිසි ආධාර ලෙස ලබාදීමට ලෝක නායකයන් එකඟ වී තිබේ. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අනුග්‍රාහකත්වය මත රටවල් 15 ක නායකයන් සමඟ ඊයේ(09) ජාත්‍යන්තර සමුළුවක් ඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා ඇත. ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ලෙබනනයේ බේරූට් අගනුවර සංචාරයක නිරත විය. බේරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු ලෙබනනයේ සංචාරයක නිරත වූ පළමු ලෝක නායකයා වූයේ ද ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්රෝන් ය. ප්‍රංශය පමණක් ලෙබනනයට යුරෝ මිලියන 30ක මුදලක් ලබාදෙන බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. පිපිරීව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලෙබනනයේ පාලක පන්තියට එරෙහිව එරට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. පිපිරීම හේතුවෙන් කෝපයට පත් පිරිස් යළි වරක් වීදි බැස විරෝධතාවල නිරත විය. ඒ හමුවේ ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑසූ ප්‍රහාර එල්ල කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. .
 

More News..