‘ලෙජන්ඩ්ස්’ලා ගැටෙන රෝඩ් සේෆ්ටි සටන අද සිට
05 March 2021
‘ලෙජන්ඩ්ස්’ලා ගැටෙන රෝඩ් සේෆ්ටි සටන අද සිට
05 March 2021
ලෝකයේ විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත ක්‍රිකට් පිටියට අවතීර්ණ වන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලිය අද (05 වැනිදා) ඉන්දියාවේ රායිපුත් හිදී ආරම්භ වීමට නියමිතය.
එම තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (06 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව පිළිවෙලින් මාර්තු 8 වැනිදා, 10 වැනිදා සහ 14 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ එංගලන්තය සමගින් තරග වදිනු ඇත. ඉකුත් වසරේ පැවැති තරගාවලිය කොරෝනා අවදානම මත අත්හැර දැමුණු අතර නැවත මෙම වසරේදී එය ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගියදා සිය අවසන් පුහුණුවීම් සැසි සඳහා සහභාගී වී සිටින රූප රාමු පෙළක්ද සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණි.
මෙවර සියලුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. මේ අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රසල් ආනෝල්ඩ් සහ සනත් ජයසූරියද සහභාගී වීමට නියමිතය.