අතන මෙතන

ලිඳුල වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 24ක් විනාශයි

ලිඳුල පොලිස් වසමට අයත්, බඹරගල තේ වතුයායේ, මැද කොටසේ වතු නිවාස පේළියක ඊයේ (10)රාත්‍රී 10.00 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව ලිඳුල පොලීසිය පවසයි.

ගින්බත්ව ඇති වතු නිවාස වල පදිංචිව සිටි පුද්ගලයින් 70 දෙනෙක් එම වතුයායේ සංස්කෘතික ශාලාවේ, හින්දු කෝවිල් ශාලාවේ හා තවත් පිරිසක් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල තාවකාලිකව ලැගුම් ගෙන සිටිති.

ගින්නට හසු වූ නිවාසවල තිබූ ගෘහ භාණ්ඩ හා එම නිවැසියන් සතු සියළු දේපළ විනාශයට පත්ව ඇති බව අවතැන්ව සිටින වතු කම්කරුවන් පැවසූහ. ඊයේ රාත්‍රී 10.00 සිට අද (11) අළුයම 02.00 දක්වා මෙම ගින්න නිවා දැමීමට අසීරු වී ඇත.

මෙහිදි කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට වැඩිදුර පරීක්ෂණ බවත්වන ලිඳුල පොලීසිය සැක කරයි.

ආගරපතන ප්‍රාදේශිය සභාව හා බඹරගල තේ වතුයායේ පාලනාධිකාරිය මගින් අවතැන්වූවන් සඳහා ආහාර සපයා ඇත.

සටහන හා ඡායාරූප- විජිත බණ්ඩාර මස්කෙළිය