brand logo
logo

ලයිෂන් ගන්න පිටින් කළ පරීක්ෂණ යළිත් ආර්.එම්.වී. යෙන්ම

05 June 2020

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කළ ප්‍රායෝගික පරීක්ෂණ, බාහිරව සිදුකිරීමට පසුගිය රජය ගත් තීරණය අවලංගු කිරීමට තමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි. පසුගිය රජය ගත් මෙම තීරණය අවලංගු කර එම පරීක්ෂණය රජය විසින්ම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා තමාගෙන් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගත් බවද ඇමැතිවරයා කීය. එමෙන්ම මුළුරටම ආවරණය වන පරිදි මෝටර් රථ පරීක්ෂකවරුන් එකසිය හතළිස් පස්දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ අනූනව දෙනෙක් පමණක් බවත් ඉතිරි පුරප්පාඩු හතළිස් හය පිරවීම සඳහා කඩිනමින් විභාගය පැවැත්වීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. ශිරන්තනි මානවඩු
 

More News..