ලබන සදුදා සිට පොදු ප්රවාහණය සාමාන්‍ය පරිදි
සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් සැලකිල්ලට ගෙන ලබන සදුදා සිට පොදු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිඛේ.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහණ සේවා කළමණාකරන අමාත්‍යංශය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුල ජනතාවගේ හැසිරීම සැලකිල්ලට ගන්නා බවයි.
විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මේ පිළිබද සාකච්ඡා කර ඇත.
දුම්රිය හා බස් රථ ඇතුලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමත් මතුවන ගැටලු හා අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබදවත් මෙහිදී සාකච්ඡා කර තිඛේ.