පලා පල

ලග්න 4කට මධ්‍යස්ථයි


2021 සැප්තැම්බර් මස 05 වැනි ඉරිදා

රාහු කාලය දිවා 04.44 සිට 06.16 දක්වා රත්‍රී 04.33 සිට 06.02 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- දකුණ

මේෂ

ශුභාශුභ මිශ්‍රයි.

මුදල් සම්බන්ධ ගැටලු ඇති විය හැක. හිතවත් අය සම ග කටයුතු කිරීමේ දී ප්‍රවේසම් විය යුතුයි. රැකියා ස්ථානයේ සතුරු පීඩා මතු කරයි. හදිසි කෝපය ඇති වේ. ගෙදරදොර කලබලකාරී බවක් ඇති වේ. තෑගිබෝග ලැබීමට ඉඩ තිබේ. ජලයෙන් අනතුරු සිදුවිය හැක.

වෘෂභ

දියුණුවට කටයුතු කරයි.

අලුත් ඇඳුම් පැලඳුම් මිලට ගැනීමට ලැබේ. ස්ත්‍රී පක්ෂය සමග හිතවත්කම් වර්ධනය වේ. රැකියා කටයුතුවල දී කාර්යක්ෂමතාව පෙන්නුම් කරයි. හිතවත් අයගෙන් වෙන්වීමක් පෙන්වයි. අධ්‍යාපන ජයග්‍රහණ ලබයි. සෞඛ්‍යය යහපත්.

මිථුන

ශුභඵල අඩු කරයි.

තම වස්තුවට හානි පැමිණේ. වියදම් පක්ෂය ඉහල යයි. අනුන්ගේ කතාබහ හේතුවෙන් තම ගෞරවයට හානි සිදුවේ. සිත් කනගාටු ඇති වේ. මුදල් සෙවීමට ගන්නා උත්සාහයන් සපල නොවේ. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි.

කටක

දියුණුවක් ඇති වේ.

කරන කියන කටයුතුවලින් සාර්ථකත්වයක් ලබයි. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ප්‍රසාදයට ලක් වේ. තරග විභාගවලින් ජය හිමියි. විනෝදශීලී අවස්ථාවන්ට සහභාගි වේ. අලුත් ඉගෙනීම්වලට යොමු වේ.

සිංහ

ශුභාශුභ මිශ්‍ර පල මතු කරයි.

රැකියා ස්ථානයේ සතුරු කරදර එල්ල වෙයි. නොකර වැරදිවලට චෝදනා ලබයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න. හිතවත් අයගේ උදව් උපකාර හිමි වේ.

කන්‍යා

ශුභදායකයි.

අලුතින් ආරම්භ කරන කටයුතුවලින් සාර්ථකත්වය ලැබේ. නොයෙක් මාර්ගවලට යොමු වීමෙන් ආදායම් උපයයි. වෙළෙඳ ව්‍යාපාර දියුණුවට යයි. මිතුරන් සමග ප්‍රිය සාදවලට සහභාගි වේ. සමාජ සේවා කටයුතුවල නියැළේ.

තුලා

ශුභයි.

රැකියා බලාපොරොත්තු වන්නන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබේ. ප්‍රේම සම්බන්ධතා ස්ථිර වේ. තැන්පත් ධනය වර්ධනය කරගත හැක. ඥාති මිත්‍රාදීන්ගේ උදව් උපකාර හිමි වේ. අලුත් විෂයයන් ඉගෙනීමට ලැබේ.

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රයි.

අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වළකින්න. දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කරයි. ගමන්බිමන් වැඩිවන දවසකි. විභාගාදියෙන් සාමාර්ථය හිමි වේ. අලුත් විෂයයන් ඉගෙනීමට ලැබේ. ඌෂ්ණාධික රෝග මතු කරයි.

ධනු

කල්පනාකාරී විය යුතුයි.

වෘත්තීය කටයුතුවලට බාධා පැමිණේ. සතුරු කරදර ඉස්මතු කරයි. ප්‍රේම සබඳතාවලට ප්‍රතිපාර්ශ්වීය විරෝධතා පැමිණේ. සිත් චංචල කරවන සිදුවීම්වලට මුහුණ පායි. සෞඛ්‍යය ගැන අවධානය යොමු කළ යුතුයි.

මකර

ශුභයි.

රැකියා කටයුතුවල දියුණුවක් ලැබේ. රසවත් ආහාරපාන ලැබෙන දිනයකි. ප්‍රීති උත්සවවලට සහභාගි වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අසල්වාසීන් අතර ප්‍රසිද්ධියට පත් වේ. වෙළෙඳාම් කටයුතු දියුණුවට යයි.

කුම්භ

මධ්‍යස්ථ පල ලැබේ.

බලාපොරොත්තු ඉෂ්ට වේ. වෙහෙස මහන්සි වී කටයුතු කරයි. වියදම් පක්ෂය පාලනය කරගත යුතුයි. තරග විභාගවලින් ජය ගනී. ඥාති මිත්‍රාදීන් සමග සබඳතා වර්ධනය වේ. ශරීර සෞඛ්‍යය යහපත්.

මීන

වැයපස ඉහල යයි.

තමා අවට සිටින අයගේ දෝෂාරෝපණ එල්ල වේ. අනවශ්‍ය සබඳතා හේතුවෙන් ගෘහ ජීවිතයේ ගැටලු මතු කරයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. රැකියා ස්ථානයේ සතුරු කරදර මතු කරයි. රෝගාබාධ ඇති වේ.