අතන මෙතන

ලක්ෂ 10 ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් අයිස් නමැති මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 101ක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමණ අංකොක්කාවල පදිංචි 38හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට ලැබුන තොරතුරක් ගාල්ල උඩුගම මාර්ගයේ දික්ඇල හන්දියේදි පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු කලක් විදුලිබල මණ්ඩලයේ සේවය කර ඇති අයෙකු බවත් අනියම් බිරිඳ සමග එක්ව මෙසේ හෙරොයින් ජාවාරම කරගෙන යන බවත් පරික්ෂණවලදි අනාවරණයවි තිබේ.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දූෂන මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික නාගහවත්ත උප පොලිස් පරික්ෂක වික්‍රමනායක සැරයන්වරුන්වන අබේතුංග(43504)ලලිත්(59045) තුෂාර(3391)මදනායක(14353) යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.