අතන මෙතන

ලක්ෂ විස්සක ගංජා හේනක් සැකකරුවකු සමග පොලිස් අත්අඩංගුවට

හම්බෙගමුව පොලිස් වසමට අයත් වටමඩ ප්‍රදේශයේ කැලෑ බද ස්ථානයක සරුවට වගා කර තිබූ ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලිසිය ඊයේ (2) දා සමත් වී තිබේ.

මෙම ගංජා හෙනේ ඉතා සරුවට වගා කර තිබූ ගංජා ගස් තුන්දහසකට වඩා පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකමක රුපියල් ලක්ෂ විස්ස ඉක්මවන බව පොලිසිය පැවසීය.

වැටලීමේදී ගංජා හේන වග කල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව හම්බෙගමුව පොලිසිය සදහන් කලේය.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර හම්බෙගමුව පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ජයන්ත වීරසේකර