brand logo

ලංකා හොස්පිටල්ස් රසායනාගාරය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි

20 October 2020

ලංකා හොස්පිටල්ස් රසායනාගාරය (LHD) හි සාර්ථකත්වය උදෙසා වෙහෙසුන, දීප ව්‍යාප්ත ශාඛා ජාලය අතරෙන් හොඳම සේවා මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා අලෙවි සංවර්ධන නිලධාරීන් ඇගයීමේ ‘Sales Awards 2020’ අලෙවි සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය LHD විසින් මෙවර සංවිධානය කරනු ලබන්නේ දෙවැනි වරටය. 2014 වසරේ සේවා ඇරඹූ ලංකා හොස්පිටල්ස් රසායනාගාරය ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ඇති කළ නව පිබිදීම ඉදිරියට රැගෙන යමින්, 2018 වසරේ සිට දීප ව්‍යාප්තව සේවා ව්‍යාප්ත කිරීමේ කටයුතු හා අඛණ්ඩව වර්ධනය වන ආයතනික සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලය දැක්වූ අපමණ සහයෝගය වෙනුවෙන් ‘Sales Awards 2020’ කුසලතා ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයේදී ගෞරව සම්මාන රැසක් ප්‍රදානය කළහ. අනපේක්ෂිත අභියෝග සඳහා සාර්ථකව මුහුණ දෙමින් ආයතනික ඉලක්ක සපුරාලන්නට ලංකා හොස්පිටල්ස් රසායනාගාරයෙහි කාර්ය මණ්ඩලය පසුගිය කාලය මුළුල්ලේ බෙහෙවින් වෙහෙසින. 2019 වසරේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් 2020 වසරේ ආරම්භයත් සමග පැතිර යන Covid-19 වසංගතයත් අතරේ ඔවුන්ගේ කැපවීම් ‘Sales Awards 2020’ සම්මාන උළෙලේදී අගය කෙරිණ.
 

More News..