brand logo

ලංකා පේ තවත් ගෙවීම් නව්‍යකරණ 2ක් හඳුන්වා දෙයි

07 July 2020

ලංකාක්ලියර් ආයතනය මෙහෙයවන ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන ‘ලංකා පේ’ ඉතිහාසයේ ප්‍රථම වරට පෙර කවරදාටත් වඩා වේගයෙන් සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි නවතම ක්‍රමවේදයන් 2ක් හඳුන්වා දී ඇත. පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී Payment Exchange Name (PEN) සහ Direct Debit Authorization යන මෙම නවතම ගෙවීම් ක්‍රමවේද දෙක එළි දැක්විණ. මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ ඩී. කුමාරතුංග සහ ලංකාක්ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රවී ද සිල්වා, ලංකාක්ලියර් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණ දිනුක පෙරේරා මෙන්ම සාමාජික බැංකුවල ප්‍රධාන විදායක නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ. ලංකා පේ Common Electronic Fund Transfer Switch (CEFTS) ක්ෂණික ගෙවීම් ජාලය පදනම් කරගෙන හඳුන්වා දී ඇති PEN ක්‍රමවේදය නිසා මුදල් යැවීමේදී ලබන්නාගේ නම, ගිණුම් අංකය, ඔහුගේ බැංකුවේ නම, ශාඛාව වැනි තොරතුරු ඇතුළත් කිරීමකින් තොරව ඔහුගේ දුරකථන අංකයට අදාළ කෙටිනම (Nickname) තෝරා පහසුවෙන්ම ඉලෙක්ට්‍රොනිකව මුදල් යැවීමට දැන් හැකියාව ඇත. මෙම ක්‍රමවේදය භාවිතයෙන් ගෙවීම් නිරවද්‍යතාව සහ ආරක්ෂාව තහවුරු වන අතර නව තාක්ෂණය එතරම් නුහුරු අයකුට වුවද පහසුවෙන් ඉලෙක්ට්‍රොනිකව ගෙවීමක් කිරීමේ හැකියාව පවතී.
 

More News..