brand logo

ලංකාවේ සිමෙන්ති මාෆියාවක්

27 January 2022

මේක සි‌මෙන්ති ඩීලර්ස්ලගේ වැඩක්

පසුගිය දින දෙක තුළදී සිමෙන්ති මෙට්‍රික් ටොන් 31,200ක් මෙරටට ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුසන්ත ලියනආරච්චි මහතා අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කියා සිටියේ එලෙස සිමෙන්ති තිබියදී වෙළෙදපොළ තුළ තවදුරටත් හිගයක් පැවතීමට හේතුව මාෆියාවක් බවයි. වැඩි මිලට සිමෙන්ති අලෙවි කිරීම වළක්වාලීම සදහා හැකිතාක් මිල පාලනය පවත්වාගෙන යන ලෙසට ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

දැනටත් වෙළෙදපොළේ විශාල හිගයක් තියෙනවා. මේ මිල ඉහළයාම රජය විසින් තාමත් පාලනය කිරීමට නොහැකියාවක් ඇතිව තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මිල පාලන අධිකාරිය විසින් මේ මිල පාලනයක් නොකිරීම.

පෙරේදා වෙන කොට මෙරටට ආනයනය කෙරුවා මෙට්‍රික් ටොන් 22,000ක සිමෙන්ති. එය සිමෙන්ති පැක් වලින් ගත්තොත් 440,000ක්.

තවත් නැවක් ආවා මෙට්‍රික් ටොන් 9200ක්. ඒක පැකට් වලින් ගත්තොත් පැකට් ලක්ෂ 2ක්.

ඉතිං මේවා මේ වෙනකොට වෙළෙදපොළට නිකුත් වෙමින් පවතිනවා.

රුපියල් 1575ක් ගහලා තියෙන ආනයනය කරන සිමෙන්ති කොට්ටවල, අද ගන්න වෙලා තියෙන්නේ රුපියල් 1900ට.

රත්නපුරේ සිමෙන්ති කොට්ටයක් රු 2100යි. ගාල්ල, මාතර, හම්බන්තොට ගන්න බැහැ මොනම හේතුවක් නිසාවත්.

ආනයනයකරුවන් විසින් ගෙන්වන ලද සි‌මෙන්ති ලංකාවේ ඩීලර්ස්ලා අරන් එගොල්ලොන්ගෙන් මාෆියාවක් ඇති කරගෙන, මේ හිගය නිසා සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් හැටියට මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක සිමෙන්ති මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා.

 

More News..