brand logo

ලංකාවේ කෝවිඩ් රෝගීන්ට ලංකාවෙන්ම එන්නතත්

09 June 2021

එන්නත් මිලියන 13ක් නිපදවීම එන මාසයේ සිට

මෙම ජූලි මාසයේ ශ්‍රී ලංකාව කොවිඩ් වයිරසයට එරෙහි සිනොවැක්ස් (Sinovax) එන්නත් මාත්‍රා මිලියන 13ක් නිපදවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළේය. කොළඹ දී පැවැත්වෙන් ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් මුදල් ලේකම්වරයා මේ බව අනාවරණය කළේය. [caption id="attachment_149984" align="alignnone" width="621"] එන්නත් නිෂ්පාදනය කරන අයුරු[/caption]

වසංගතයක් පවතින මේ අවස්ථාවේ දී, දේශීය වශයෙන් එන්නත් මිලියන දහතුනක් නිෂ්පාදනය ජූලි මාසයේ ආරම්භ කිරීමට ආපේක්ෂා කරනවා. මෙම සිනොවැක්ස් එන්නත නිෂ්පාදනය වසංගතය පාලනයට විශාල වශයෙන් උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා.’’ යැයි ලේකම්වරයා සඳහන් කළේය.

[caption id="attachment_149973" align="alignnone" width="314"] මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල[/caption]
එම නිෂ්පාදන ක්‍රියාවලියට අනුව පළමු එන්නත සැප්තැම්බර් මාසය වන විට සූදානම් වන බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. ලේකම්වරයාට අනුව ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 400ත් 500ත් අතර මුදලක් ඖෂධ සඳහා වැය කරයි. පසුගිය මාස 12-18 කාලයේ ඖෂධ වර්ග 40ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. නයන තරංග ගමගේ
 

More News..