brand logo
logo

ලංකාවේ කොරෝනා නැති එකම දිස්ත්‍රික්කය මෙන්න

30 October 2020

දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම අද (30) උදෑසන වන විට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් වේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහින් වාර්තා වන ආසාදිතයින් ගණන 2960කි. දෙවෙනියට ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹින් වාර්තා වන ආසාදිතයින් ගණන 1760 කි. තුන්වෙනුවට ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර කළුතරින් වාර්තාවන ආසාදිතයින් ගණන 261 කි. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලමෙන් ආසාදිතයින් 68ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් වාර්තා වී ඇත. ඊයේ (29) දිනය වනවිට ආසාදිතයින් වාර්තා නොවී තිබුණේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් වුවද අද වනවිට මුලිතිව් දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
 

More News..