brand logo

රේගුව රාජසන්තක කළ වාහන නොමිලේම රාජ්‍ය ආයතනවලට

18 May 2021

ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කරන ලද මෝටර් රථ රාජ්‍ය ආයතන වෙත නිදහස් කිරීමේ දී කිසිදු මුදලක් අය නොකිරීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබේ. සාමාන්‍යයෙන් රාජසන්තක කළ මෝටර් රථ රේගු වටිනාකම මත පදනම්ව රාජ්‍ය ආයතනවලට නිදහස් කළ යුතුයි. එහෙත් මෝටර් රථ ලබා ගැනීමට බලාපොරොත්තු වන රාජ්‍ය ආයතන මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ මෝටර් රථවල රේගු වටිනාකම එම මෝටර් රථවල වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩි බවයි. එම නිසා රාජසන්තක කළ මෝටර් රථ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය කටයුතු කිරීමට යටත්ව මුදල් අමාත්‍යාංශය අනුමැතිය මත නැවැත නියමයක් සිදුකරන තෙක් ගෙවීමකින් තොරව රාජ්‍ය ආයතනවලට ලබා දීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන භාණ්ඩවල දඩ ගැනීම් හා භාණ්ඩ නිදහස් කිරීමේ දී උපයන ලැබීම් රේගු පාරිභෝගික අරමුදලට 50%ක්ද, රේගු කළමනාකරණ හා වන්දි අරමුදලට 20%ක්ද ඒකාබද්ධ අරමුදලට 30%ක්ද වශයෙන් බෙදා හැරීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත. එම ප්‍රතිපාදන හේතුවෙන් රාජ්‍ය දේපොළක් බවට පත්වන රාජසන්තක කිරීමකින් රජයට හිමි වන්නේ 30%ක් පමණි. මෙලෙස රජයට සිදුවන අවාසිදායක තත්ත්වය මත අවාසිදායක නොවන අයුරින් මෝටර් රථ ලබාදීම සඳහා මෙම ක්‍රමවේදය භාවිත කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..