brand logo

රූපවාහිනී නාළිකා දෙකක PCR පරීක්ෂණ

12 October 2020

රජයේ රූපවාහිනී නාළිකාවක සේවකයින් 40 දෙනෙකුට අද(12) PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. පසුගිය ඔක්තෝම්බර් 01වනදා මිනුවන්ගොඩ ‍රජමහා විහාරස්ථානයේ පැවති පෝ දින වැඩසටහනට සහභාගී වූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනාගැනීමත් සමඟ මෙම පිරිසට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මෙම රූපවාහිනී නාළිකාවේ ළමා දින වැඩසටහනත් ද මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වා ඇති අතර එයට සහභාගී වූ සේවක පිරිසක් ද අද(12) දින මෙලෙස PCR පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත බව වාර්ථා වෙයි. මේ අතර පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සේවකයන් පිරිසකට ද ඊයේ(11) දින PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහි වාර්ථාව අද(12) ලැබීමට නියමිත බව ද වාර්ථා වෙයි.
 

More News..