රූපවාහිනියේ පඩි ගෙවන්න කෝටි 20ක බැංකු ණයක්
26 May 2020
රූපවාහිනියේ පඩි ගෙවන්න කෝටි 20ක බැංකු ණයක්
26 May 2020
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මාසික වැටුප්, අමතර දීමනා සහ වෙනත් ගෙවීම් සඳහා රුපියල් කෝටි විස්සක බැංකු ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇත.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.
ලංකා බැංකුවෙන් මෙම ණය මුදල ලබාගැනීමට යෝජනා කර ඇත. මැයි සහ ජූනි මාසයේ වැටුප් හා දීමනා ගෙවීමටද මෙම ණය මුදල ලබාගන්නා බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මාසික වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි පහක් අවශ්‍ය වන අතර අමතර දීමනා සඳහා රුපියල් කෝටි තුනහමාරක් අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් වෙයි.
රූපවාහිනි සංස්ථාවේ නවසීයක් පමණ දෙනා සේවය කරති.
උදයජීව ඒකනායක