brand logo

STF නිලධාරීන් වත්තලදි සිදුකළ විශේෂ වැටලීම 

22 May 2022

රු. ලක්ෂ 45ක් වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

නීති විරෝධීව තීරුබදු නෙගෙවා මෙරටට ආනයනය කරන ලද රජයේ අවවාදයමය රුප සටහන් නොමැතිව අලෙවිය සඳහා සූදානම් කර තිබූ විවිධ වර්ගයේ දුම්වැටි 65,000ක තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට‍ ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) දින වත්තල මහබාගේ ප්‍රදේශයේදි විශේෂ වැටලීමක් සිදුකර ඇත. එහි දී නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රජයේ අවවාමය රුප සටහන් නොමැතිව අලෙවිය සඳහා සූදානම් කර තිබූ විවිධ වර්ගයේ දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් දුම්වැටි වල වටිනාකම රුපියල් හතලිස් පන්ලක්ෂ පනස්දාහකට අධික වටිනාකමින් යුතු වේ. වැලිගම - තරංග  
 

More News..