අතන මෙතන

රු. ලක්ෂ 375ක් වැය කර ඉදිකළ ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොළට අත්ව ඇති ඉරණම

ලුණුගම්වෙර නගරයේ රුපියල් ලක්ෂ 375ක මුදලක් වියදම් කරමින් ඉදිකර ජනතා අයිතියට පතක් කෙරුණු නවීන බස් නැවතුම් පොල තවමත් නිසි පරිදි ජනතා අයිතියකට පත් නොවීම හේතුවෙන් දිනෙන් දින විනාශයට යමින් ඇතැයි ජනතාව චෝදනා කරති.

පසුගිය රජය සමයයේ සැමට සහන වැඩ සටහනට සමගාමිව ගමනාගමන හා ප්‍රවාහන පහසුකම් වැඩිදුයුණු කිරීමේ අරමුණ ඇතිව 2015.මැයි.29 දින මුල්ගල් තබා මෙහි වැඩ ආරම්භ කර තිබේ.

රුපියල් ලක්ෂ 375ක මුදලක් වියදම් කර ලුණුගම්වෙහෙර නාගරික බස් නැවතුම් පොල ඉදිකර එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය වරයා ලෙස කටයුතු කල සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් 2019.අගෝස්තු මස 15 වන දින ජනතා අයිතියටද පත් කර තිබේ.

ජනතාව චෝදනා කරන්නේ මෙම බස් නැවතුම් පොල ජනතා අයිතියට පත් කර මාස 05ක් ගතව ඇතත් තවමත් එය මහජනතාවගේ පරිහරණයට ලබාගෙන නොමැති බවයි. විශාල මහජන මුදලක් වියදම් කර ජනතා අයිතියට පත් කෙරුණු ලුණුගම්වෙහෙර බස් නැවතුම් පොල අද අයාලේ යන සුනඛයන්ගේ හා ගවයින්ගේ මෙන්ම ප්‍රදේශයේ බේබද්දන්ගේ රජදහනක් බවට පත්ව තිබේ.විශාල මහජන මුදලක් වියදම් කර ඉදිකෙරුණු මෙම බස් නැවතුම ජනතා පරිහරණයට ලබා ගැනිමට කටයුතු කරන්නැයි ජනතාව ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අප ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපති දිනේෂ් රසික මහතාගෙන්ද විමසිමක් කල අතර එහිදී ඔහු මෙසේ පැවසිය.

මෙම බස් නැවතුම් පොල පිළිබදව පැන නැගි ඇති ගැටළු සම්බන්ධයෙන් මා දිස්ත්‍රික් කමිටු රැස්වීම් වලදී පවා සාකච්චා කර තියෙනවා. මෙම බස් නැවතුම ඉදිකිරීමට පෙර ජනතාවගේ සහ අදාල අනෙකුත් අංශවල අදහස් අරගෙන නෑ.නගරයයෙන් ඈත් වන්න තමයි මෙම බස් නැවතුම ඉදිරක තියෙන්නේ.ජනතාව යන්නේ එන්නේ නැති තැනක බස් නැවතුමක් හැදුවම කොහොමද මිනිස්සු එතනට ගෙන්න ගන්නේ.ඉ දිරියේදී අධිවේගී බස් රථ මේ ස්ථානයෙන් ආරම්භ කිරිම පිළිබදව අවධානය යොමු වෙලා තියෙනවා. නව රජය සැළසුම්සහගතව යම් වැඩපිළිවෙලක් මෙහි සිදුකරනවා යැයි පැවසිය.