රු. ලක්ෂ 30ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා මරණීය තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
31 December 2018
රු. ලක්ෂ 30ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා මරණීය තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
31 December 2018
ජංගම දුරකථන මගින් රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා මරණී තර්ජනය සිදුකළ පුද්ගලයෙක් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් විවිධ ජංගම දුරකථන අංක මගින් ඇමතුම් ලබාදෙමින් මුදලින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බවයි.
කප්පම් ලබා නොදෙන්නේ නම් ඔහුට සහ පවුලේ අය ට මරණීය තර්ජන හා විවිධ කරදර සිදුකරන බවට පවසන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලීස් නිලධාරීන් විසින් මෙලෙස එම පුද්ගලයා ඊයේ (30) පස්වරුවේ බියන්විල කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසවෙ
සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.