රු. බිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය පොලිස් භාරයට
30 July 2021
රු. බිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය පොලිස් භාරයට
30 July 2021
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද (30) පෙරවරුවේ බණ්ඩාගරම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 40ක් සොයා ගත් බවයි. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 40ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. ඒ අනුව මේ වර්ෂයේ මේ දක්වා කාලය තුළ පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 473ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට අමතරව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එම අයිස් සහ හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න වේ. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වර්ෂයේ අද දින දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 14347ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.මේ වසරේ ගත වූ කාලය තුළදී වැටලීම් වලින් රුපියල් බිලියන 8කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.