අතන මෙතන

රුපියල් කෝටියකට අධික වටිනා කේරළ ගංජා කිලෝ 91 ක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝග්රැම් 91 යි ග්රැම් 500 ක් අද(12) යාපනය මානිප්පායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය මානිප්පායි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීණ් හා මානිප්පායි පොලිස් නිළධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් ගංජා තොගය ටිපර් රථයක පටවාගෙන ප්‍රවාහනය කරමින් සිටියදී ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබිණ.
සැකකරු මෙහෙයුම සිදුකරන අවස්ථාවේ පළාගොස් තිබු අතර,ටිපර් රථයේ පැවති කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ටිපර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ටිපර් රථයේ ලියාපදිංචි කිරීම් හරහා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ගංජා තොගය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වවුනියාව – මාධව කුලසූරිය