brand logo

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට

30 April 2019

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා‍ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප්‍රදේශයේදී ඊයේ(29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසති. මන්නාරම ආරක්ෂක අංශ පැවසුවේ ඩෙටනේටර් හයක් සමඟ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා සතුව මුදල් තොගයක්ද පැවති බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය හා මන්නාරම ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..