brand logo
logo

රිෂාඩ්, අසාත් සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක්

04 June 2019

රිෂාඩ් බදුර්දීන්, අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අද (04) සිට ලබන 12 වැනිදා තෙක් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවයි. ඒ අනුව එම දිනවල උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
 

More News..