brand logo
logo

රිෂාඩ් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

28 June 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස්වෙයි. අද දිනයේත් තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවීමට නියමිතව ඇත. ඔහු පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණ ද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම නිසා ඔහු අද දින කැඳවීමට තීරණය කෙරුණි.
 

More News..