brand logo

රිෂාඩ්ට හා අසාද් සාලිට එරෙහිව හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකකකින් පැමිණිලි

12 June 2019

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද (12)කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට පැමිණ ඇත. පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල,සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන්, සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් යන මහත්වරුන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනා අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයට පැමිණ පැමිණිලි බාර දී ඇති බව වාර්තා වෙයි.
 

More News..