brand logo
logo

රිය අනතුරකට ලක්ව රෝහලට පැමිණි පුද්ගලයා ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය වසා දමයි

06 November 2020

හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ. එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි. රෝහලේ ශල්‍යාගාරය තුළ ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග මෙම පියවර ගත් බව අධ්‍යක්ෂකවරයා සදහන් කරයි. ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යකර්මයට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් ඔවුන් ස්වයං නිරෝධායනය ලක් කිරීමට පියවර ගෙන ඇත. ශල්‍යකර්මයට භාජනය වූ පුද්ගලයා පසුගිය 4 වැනිදා රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළත් කර තිබේ. අසාධ්‍ය තත්වයේ පසුවූ රෝගියා 05 වනදා ශල්‍යකර්මයට යොමු කර ඇති අතර, එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
 

More News..