අතන මෙතන

රියදුරු බලපත්‍ර නොමැතිව රිය පදවන්න ගිය කාන්තාවකගේ අතින් කාන්තාවක් ජීවිතක්ෂයට

යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, දෙමළ මහා විද්‍යාලය ඉදිරිපසදී අද (05) දහවල් සිදුවු රිය අනතුරකින් කාන්තාවක මියගොස් පාසල් සිසුවෙකු ඇතුළු තවත් ‍පුද්ගයකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය කියයි.

වෙළෙඳ සැළක් අසල නවතා තිබූ කැබ්රථය එහි රියදුරු නොසිටි අවස්ථාවක කාන්තාවක විසින් රියදුරු අසුනට නැග පිටුපසට ගැනීමට උත්සහ කිරීමේදී රථයේ පාලනය ගිලිහි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව , කට්කුලි පදිංචි පුෂ්පරාණි නැමති වයස අවුරුදු 37 කාන්තාවකි.
අනතුරින් තුවාල ලුබූ දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද 07 හැවිරිදි දරුවෙකු පිරිමි පුද්ගලයෙකු වවුනියාව රෝහලට ඇතුළත්කළ බව පොලිසිය පැවසීය.

පාසල නිමවී නිවස බලා යමින් සිටි පාසල් සිසුවා තුවාල ලබා ඇති අතර මියගිය කාන්තාව ඇගේ මව බවට පොලිසිය සැකපලකරති.

පොලිසිය පැවසූයේ කාන්තාවට කැබ්රථය ධාවනය කිරීම සඳහා රියදුරු බලපත්‍රයක් හෝ නොතිබූ බවත් අනතුරින් වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ තාප්ප කොටසටද හානි සිදුව ඇති බවයි.
මියගිය කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.

අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවටගෙන ඇති අතර ඇය වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනතුර සම්බන්ධයෙන් වවුනියාව රථවාහන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණි දිසානායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

වවුනියාව – මාධව කුලසූරිය