brand logo

රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුවට අනුමැතිය

14 June 2022

සිකුරාදා නිවාඩු නැති ආයතන මෙන්න

රජයේ සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල නිළධාරීන් සඳහා ඉදිරි මාස 03ක කාලයකට මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව ලබන සිකුරාදා දිනයේ (17) සිට අදාළ නිවාඩු දිනය ක්‍රියාත්මකවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය. එසේම, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවා මුර ක්‍රමය යටතේ නිලධාරින් රාජකාරි සිදුකරනු ලබන්නේ නම් එම කාර්යාලවලට සිකුරාදා නිවාඩු ලබාදීමේ ක්‍රමවේදය වලංගු නොවන බව රාජ්‍ය පරිපාල අමාත්‍යාංශය සඳහන් කරයි. දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බැවින් මෙම පියවර ගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..