අතන මෙතන

රාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ශ්‍රි ලංකා යුධ හමුදා ස්වේච්චා බලකායේ සේවය අතහැර පැමිණ සිටි කපිතාන් වරයකූ තැබූ වෙඩි පහරකින් පුද්ගලයකු මරුමුවට පත් ව ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (01) රාත්‍රී 8.00පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රාගම කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ නිවසක් තුලදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි තැබීමෙන් මරුමුවට පත්ව ඇත්තේ අංක 51/7ඒ ස්ථිර පදිංචි ශේන් තිමති හෙට්ටිආරච්චි නැමැති අයකු බව පොලීසිය හදුනාගෙන ඇත.

9mm වර්‍ගයේ ගිණි අවියකින් හිසට තැබූ වෙඩි පහරකින් ශේන් තිමති නැමැති අය එම ස්ථානයේ දී ම මරුමුවට පත් ව තිබේ.

වෙඩි තැබීම සිදු කර පුද්ගලයා මීට මාස දෙකකට පමණ පෙර යුධ හමුදා ස්වේච්චා බලකායේ සේවය අතහැර පැමිණි අයකු බවත් මිය ගිය අය හා වෙඩි තැබූ අය මිතුරන් බවත් පොලිසිය පවසයි. මුදල් ගනුදෙනු වක් ආරවුල් වීම නිසා වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

වෙඩි තැබීම භාවිතා කරන්න ට ඇතැයි සැකකරන ගිණි අවිය හා සැකකරු පොලීසිය විසින් 01දා රාත්‍රී පොලීසිය විසින් සැකරුගේ නිවසේදීම අත් අඩගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කැළණිය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා රාගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

ප්‍රසංග පාවුළුහේවා කටුනායක