අතන මෙතන

රසායනික ද්‍රව්‍ය ජලයට මුසුකළ 6ක් අත්අඩංගුවට

පස්සර ප්‍රදේශයේ තේ වත්තකට යෙදීම සදහා වල් නාශක බෙහෙත් දියර පානීය ජල උල්පතක් අසල සකසමින් සිටි බව කියන වතු කම්කරුවන් හයදෙනෙකු අත් අඩංගුවට ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

වතු කම්කරුවන් තේ වත්තේ වල් මර්ධනයට ඉසීම සදහා ජල උල්පතක් අසල කෘෂි රසායනික ද්‍රව්‍ය භුමියට මුදාහැරෙන අයුරින් ටැංකිවලට පුරවමින් සිටියදි මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් වතු කම්කරුවන් හයදෙනා පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.විජයකුමාර,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන විජිත ගුණසේකර,පාමින් නිජාඩින්,එන්.කරන් යන අය වැටලීම සිදුකර තිබේ.

අමිල ක්‍රිෂාන්ත – පස්සර