අතන මෙතන

රනිල් මෛත්‍රි හමුවෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පෙරේදා (26 වැනිදා) රාත්‍රියේ සිදුව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වන විටම අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ ඇත.

රාත්‍රී 9.30ට ආරම්භ වූ මෙම සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවැති අතර සාකච්ඡාවට ඔවුන් දෙදෙනා පමණක් එක්ව සිටියහ.

සාකච්ඡාවට බඳුන් වූ කරුණු මෙතෙක් හෙළි වී නොමැත.